BREAKING NEWS
Search

පොලිසියට චන්ඩි පාට් දැමූ කතුන් තිදෙනෙකුට සිදු වූ දේ

321

අලවතුගොඩ ,රතුකොහොදීගල දීගල ප්‍රදේශයේ  පුද්ගලයෙකු සන්තකයේ හෑෂ් මත්ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරින් ඔහු පරීක්ෂා කිරීමට යාමේදී සැකකරුගේ මව ඇතුළු කාන්තාවන් තිදෙනකු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කොට තුවාල සිදුකිරීමේ චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

දීගල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයකු සන්තකයේ හෑෂ් මත්ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුරකට අනුව ඊයේ (05) සැකකරුගේ නිවස ආසන්නයේදී ඔහු පරීක්ෂා කිරීමට යාමයේදී එසේ සැකකරුගේ මව ඇතුළු කාන්තාවන් තිදෙනෙකු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරෙමින් සැකකරු මුදවාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

පසුව කාන්තා පොලිස් නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් නැවත එම නිවස වටලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (06) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

විසිපස් හැවිරිදි එම සැකකරු මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මීට පෙර අධිකරණය හමුවේ වරදකරු වී ඇති බවත් ඔහුට එරෙහිව සොරකම් චෝදනා ද තිබෙන බව පොලිසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *