අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නැවත සංචරණ සීමා ලිහිල් කෙරෙන ලබන මැයි 31 හා ජූනි 4 වන දා නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ‘මව්බිම’ට පැවසීය.
පූර්ණ සංචරණ සීමාවන් ප්‍රකාශ කිරීමත් සමග අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් එම සීමාවන් ලිහිල් කළ පළමු දිනයේ ම, එනම් පෙරේදා (මැයි 25) ජනතාව හැසිරුණු ආකාරය සැලකිල්ලට ගනිමින් මෙම නීතිය දැඩි’ව ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
සංචරණ සීමා ලිහිල් කළ ද ජනතාව ළඟ ම වෙළෙඳ සල වෙත ගොස් භාණ්ඩ මිලදී ගත යුතු බවත් ඒ සඳහා වාහන යොදා ගැනීමක් සිදුකළ නොහැකි බවත් හෙතෙම පැවසීය.
එහෙත්, මේ තත්ත්වය ගැන තැකීමක් නොකර ඇතැමුන් පෙරේදා හැසිරුණු ආකාරය නිරීක්‍ෂණය වීම මත මෙලෙස පොලිස් මූලස්ථානය විසින් අදාළ සංචරණ නීති දැඩි කිරීමට පියවර ගෙන ඇත.
එසේම ලබන 7 වන දා දක්වා දිවයිනේ සංචරණ නීතිය දැඩි කරමින් මාර්ග බාධක මෙන් ම ක්‍ෂණික සෝදිසි මෙහෙයුම් සිදු කරමින් හා ඩ්‍රෝන් මගින් නිරීක්‍ෂණය කරමින් මෙම නීති උල්ලං’ඝණය කරන පිරිස් අත්අ’ඩංගුවට ගැනීම සඳහා ද පොලිස්පති නියමයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කොට තිබේ.
චාමර අමරසූරිය
Source – Mawbima.lk



















