මූල්‍ය අර්බුදයක් හේතුවෙන් උතුරු ගෝවාහි පිහිටි ඔහුගේ නිවසේදී මෙසේ සියදිවි නසාගෙන ඇති බවටයි වාර්තා සඳහන් කරන්නේ.
මියයන විට ඔහු 44 හැවිරිදි වියේ පසුවිය.
පොලිසිය සඳහන් කරන්නේ, පසුගිය මාස හත තුළ ඔහු උතුරු ගෝවාහි සියොලිම්හි කුලියට ගත් මහල් නිවාසයක පදිංචිව සිට ඇති බවයි.
එමෙන්ම ඔහුගේ මිතුරා එදින ඔහුට දුරකතන ඇමතුම් ලබා දුන්නද, ඔහු ඇමතුම් සහ පණිවිඩවලට ප්‍රතිචාර දක්වා නොමැත.
පසුව නිවසට පැමිණ බැලීමේදී ඔහුගේ සිරුර සිවිලිමේ විදුලි පංකාවේ එල්ලී ඇති බවට දැකගැනීමට ලැබී තිබෙනවා.
සිද්ධිය පිළිබඳ තොරතුරු ලැබුණු පසු, පොලිසිය එම ස්ථානයට ගොස් ඔහුව රෝහලකට ගෙන ගිය ද, වෛද්‍යවරු පවසා ඇත්තේ ඔහු මියගොස් ඇති බවයි.
ගෝවා පොලිසිය විසින් කරන ලද මූලික විමර්ශනයේදී හෙළිවී ඇත්තේ, මත්ද්‍රව්‍ය නඩුවකදී ඔහුව අත්අඩංගුවට ගැනීම සහ ඔහුගේ මූල්‍ය අර්බුදය හේතුවෙන් ආතතියට පත්ව සිටි නිසා ඔහු තීරණය ගත් බවයි.
2023 ජුනි මාසයේදී ඔහු මත්ද්‍රව්‍ය නඩුවක් සම්බන්ධයෙන් සයිබරබාද් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී ඔහු සතුව තිබී කොකේන් ග්‍රෑම් 82.75ක් පොලිසිය විසින් සොයාගෙන තිබුණා.




















