කොල්ලකරුවන් විසින් ලාච්චුවේ තිබූ සහ කාන්තාවන් සිව් දෙනකුගේ, මුදල් රුපියල් 577,000ක්, රුපියල් 350,000 ක් වටිනා රන් ආභරණ කොල්ලකා පලා ගිය බවයි පැමිණිල්ලේ සඳහන් වන්නේ.
එම ආයතනයේ මුදල් අයකැමිවරයා සිදුකළ පැමිණිල්ලකට අනුවයි විමර්ශන ආරම්භ කර ඇත්තේ.
අනුරාධපුර, දහයියාගම, පුබුදුපුර මාර්ගයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයටයි මෙම මන්නා පිහි, කිනිසි අතැති කොල්ල කල්ලිය පැමිණ ඇත්තේ.
එම කල්ලියේ පුද්ගලයන් හතර දෙනෙකු සිට තිබෙන බවයි පැවසෙන්නේ.
මේ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
නිදහස් උළෙල ඇරැඹෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීමත් සමඟ 77 වන ජාතික නිදහස් උළෙල නිදහස් චතුරස්‍රයේදී ඇරැඹිණි.
” ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන තේමාවෙන් මෙවර නිදහස් උළෙල සමරනු ලබයි.
අශ්වා රෝහක රථ හෝ රථ පෙළපාළි නොමැතිව පොලිස් යතුරු පැදි තුනක් පමණක් පෙරටු කර ගනිමින් ජනාධිපතිවරයා පැමිණියේය.
ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තිය සැලකෙරෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වාදනයෙන් අනතුරුව මඟුල් බෙර වාදනය සහ සක් පිඹීම් මැද ජනාධිපතිවරයා ජාතික ධජය එසවීය.




















