BREAKING NEWS
Search

වාහන ආනයනයට අදාල ගැසට්ටුව නිකුත් කරයි. මෝටර් රථ වලටත් බදු පැනවෙන්නෙ මෙහෙමයි..

39

ජනාධිපති අනුර කුමාර දිසානායක, මුදල් අමාත්‍යවරයා ලෙස මෝටර් රථ, විදුලි මෝටර් රථ සහ දෙමුහුන් වාහන ආනයන තහනම 2025 පෙබරවාරි 01 වන දින සිට ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, 2025 ජනවාරි 27 දිනැති අංක 2421/04 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 2025 අංක 01 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි, ඒ යටතේ සිදු කරන ලද ඕනෑම ක්‍රියාමාර්ගයක වලංගුභාවයට අගතියක් නොවන පරිදියි මෙම තහනම ඉවත්කරන බවයි එම ගැසට්ටුවේ සඳහන්.

එලෙස ජනපතිවරයා විසින් නිකුත් කළ ගැසට් පත්‍රය මගින් කැබ් රථ, ඔටෝ-රික්ෂෝ, මෝටර් සයිකල්, පාපැදි සහ විශේෂ කාර්ය වාහන ද ඇතුළු කාණ්ඩ කිහිපයක වාහන සඳහා පනවා තිබූ තහනම ඉවත්කර තිබෙනවා.

එමෙන්ම එම ගැසට්ටුව මගින් සඳහන් කර ඇත්තේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතේ මෝටර් රථ ආනයනකරුවෙකු ලෙස ලියාපදිංචි වී ඇති ආනයනකරුවෙකුට, ගැසට්ටුවේ සඳහන් රෙගුලාසි යටතේ වර්ගීකරණය කර ඇති මෝටර් රථ වෙළඳ අරමුණු සඳහා ආනයනය කිරීමට අවසර ඇති බවයි.

එම ගැසට්ටුව පහතින්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *