2025 වර්ෂය තුළ වතු ජනතාවට නව නිවාස 4,350ක් ඉදිකරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා.
අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ රජය මගින් බදු දී ඇති ප්‍රාදේශිය වැවිලි සමාගම්වල ඉහළ නිලධාරීන් සමග වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවක දීය.
එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ වතු ජනතාවගේ යටිතල පහසුකම් දියුණු කර ඔවුන් දිළිඳු බවින් මුදවාගැනීම රජයේ අරමුණ වී ඇති බවයි.
මීට පෙර වතු ජනතාවට කියා නිවාස ඉදිකර ඒවා ලබාදී තිබුණේ දේශපාලන හිතවත්කම් මත බවත්, නව රජය යටතේ මෙම නව නිවාස ලැබිය යුතුම වතු ජනතාවට පමණක් ලබාදෙන බවත් අමත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කළා.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ජන සංඝණනවලට අනුව මෙරට නිවාස හිමිකාරිත්වය ගත් විට ජාතික වශයෙන් එය 83.75%ක් බවත් එය වතු ආශ්‍රිතව 5.6%ක් පමණක් බවත් එයා ඉතාම අඩු තත්ත්වයක් බව යැයි ද සඳහන් කළේය.
වෙනත් පුවත්
නල්ලච්චිය වැව අනූ නවයෙන් බේරේ
මහවැලි එච් කලාපයට අයත් තඹුත්තේගම නල්ලච්චිය වැවේ සොරෝව ලඟ වැව්බැම්මේ ගිලා බැසීමක් හේතුවෙන් වැවට සිදුවන අවදානම් වළක්වා ගැනීමට මහවැලි අධිකාරි හා ගොවි සංවිධාන එක්ව වැලිකොට්ට දැමීමට කටයුතු කළේය.
දින කිහිපයක සිට රජරට ප්‍රදේශයට ඇදලා හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් 21 දා රාත්‍රියේ මෙහි වැව් බැම්ම ගිලා බැසීම සිදුවී තිබිණි.
නල්ලච්චිය විද්‍යාලයේ සිසුන්ගේ ආරක්ෂාව ගැන සලකා බලා පළාත් අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත නල්ලච්චි විද්‍යාලය වසා දැමීමට කටයුතු කළ බව තඹුත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සුරංජි අම්මදුවගේ මහත්මිය පැවසීය.