සතොස ආයතනය අද (22) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබෙනවා.
ඒ අනුව රුපියල් 1,095ක්ව පැවති රටකජු කිලෝවක් රුපියල් 100කින් අඩුකර ඇති අතර රුපියල් 340ක්ව පැවති දුඹුරු සීනි කිලෝවක් රුපියල් 40කින් අඩු කිරීමටයි කටයුතු කර ඇත්තේ.
එමෙන්ම, ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 30 කින් සහ රතු කව්පි කිලෝවක් රුපියල් 30 කින් අඩුකර තිබෙනවා.
මේ අතර හාල් මැස්සන් කිලෝවක් රුපියල් 20 කින් මෙන්ම වියලි මිරිස් කිලෝවක් රුපියල් 15 කින් අඩුකිරීමටයි සතොස ආයතන කටයුතු කර තිබෙන්නේ.
මීට අමතරව ප්‍රීමියර් බාස්මති සහල් කිලෝවක් සහ ආනයනික් ලොකු ලුණු කිලෝවක් රුපියල් 10 කින් අඩු කර ඇති බවයි සතොස ආයතනය සඳහන් කරන්නේ.



















