BREAKING NEWS
Search

අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බිලේ වෙනසක්

42

විදුලි බිල සියයට 20කින් පහත දමන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද  නිවේදනය කළේය.

ගෘහස්ථ කාණ්ඩය යටතේ 0-30ත් අතර ඒකකයට තිබූ ගණන රුපියල් 6ක් දක්වා පැවැති ගාස්තුව රුපියල් 4ක් දක්වාත්, 31-60ත් අතර තිබූ රුපියල් 9 සිට ගාස්තුව 6 දක්වාත් අඩු කෙරෙයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ගණන්  ක්‍රියාත්මක වන බව ද මහජන උපයෝගිතා කොමිෂන් සභාව දන්වයි.

වෙනත් පුවත්

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

උඩරට දුම්රිය මාර්ගයේ වටගොඩ  ග්‍රේට්වෙස්ටර්න් දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී මෝටර්ට්‍රොලියක් අද (17) දහවල් පිලිපැනීමට ලක්වීමෙන් බදුල්ල සිට කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ගමන් ගත් මෙම මෝටර් ට්‍රොලිය  වටගොඩ සිට නානුඔය බලා ධාවනය වෙමින් තිබිය දී මෙසේ පීලිපැනීමට ලක් වී ඇති බවත්  මේ නිසාවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය තරමක් ප්‍රමාදවන බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *