අකාලයේ මිලින වූ තරුණ ජිවිත දෙක

34

තඹුත්තේගම නොච්චියාගම මාර්ගයේ බී රනොරාව ප්‍රදේශයේදී බස් රථයක යතුරු පැදියක් ගැටීමෙන් පාසල් සිසුන් දෙදෙනකු මිය ගොස් ඇතැයි ගාලදිවුල්වැව පොලීසිය පවසයි.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ බී රනොරාව ගාලදිවුල්වැව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ජයකොඩි ආරච්චිලාගේ මිළින්ද සම්පත් සහ ජයනන්දන පුෂ්පකුමාරගේ කවිදු මධුෂාන් රත්නායක නැමැති වයස අවුරුදු දහසයේ පසුවන පාසල් සිසුන් දෙදෙනෙකි.

මෙම සිසුන් දෙදෙනා නොච්චියාගම දුණුපොතගම විද්‍යා ප්‍රදීප විද්‍යාලයේ 11 වසර අධ්‍යාපනය ලබන සිසුන් දෙදෙනෙකි.

මියගිය සිසුන් දෙදෙනා කිසියම් අවශ්‍යතාවයක් සදහා යතුරුපැදියෙන් සිය නිවස අසල සිට දොඹවලගම මංසන්ධිය වෙත ගොස් නැවත නිවෙස් වෙත පැමිණෙමින් සිටියදී බී රනෝරාව මාර්ගයේ බී රනෝරාව වැවට මදක් නුදුරින් වු වංගු සහිත ස්ථානයකදී මෙම අනතුරට ලක්ව ඇත.

අදාල බස් රථය මහනුවර සිට නොච්චියාගම දක්වා ගමන් ගත් බස් රථයකි.පොලීසිය පවසන්ගේ අදාල සිසුන් දෙදෙනා ගමන් ගත් යතුරු පැදියේ වේගය පාලනය කර ගත නොහැකිව බස්රථයේ මුහුණට මුහුණ ගැටී මෙම අනතුරු සිදුව ඇති බවයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *