BREAKING NEWS
Search

නළු සයිෆ් අලී ඛාන්ට දරුණු ප්‍රහාරයක්

33

බොලිවුඩයේ සුපිරි නළුවකු වන සයිෆ් අලී ඛාන් තියුණු ආයුධයකින් කළ පහර කෑමක් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණි.
සයිෆ් අලී ඛාන් තුවාල ලබා ඇත්තේ ඔහුගේ මුම්බායි නිවසේ සිටිද්දී, අලුයම 2.30 ට පමණ යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මුම්බායි ලීලාවතී රෝහලට ඇතුළත් කෙරුණු සයිෆ් අලී ඛාන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරුන් කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, නිවසට අනවසරයෙන් ඇතුළු වුණු පුද්ගලයකු පහර දීම සිදු කරන්න ඇති බවත් ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් පවසා ඇත

වෙනත් පුවත්

ජනපති චීන සංචාරයේ තෙවැනි දිනය අරඹයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙවැනි දිනය ආරම්භ කරමින්  අද (16) පෙරවරුවේ  රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයෝජන සැසියකට සහභාගි වීමට නියමිතය.

රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධානය කරන මෙම “ආයෝජන සැසිය” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම  විශේෂත්වයකි.

ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  චීන ජනතාවගේ වීරයන්ගේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට ද නියමිතය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  අද  පස්වරුවේ චීන අග්‍රාමාත්‍ය  ලී ච්‍යං  හා චීන ජාතික කොංග්‍රසයේ සභාපති චාඕ ලජී යන  මහත්වරු හමුවී සාකච්ඡා පැවැත්වීමටද සැලසුම් කර ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්,  ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා  අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවන්ට සහභාගි වීමට නියමිතය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *