BREAKING NEWS
Search

සිමෙන්ති මිල පහළට.. අලුත් මිල ගණන් මෙන්න…

46
සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා.

එමගින් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් පමණ අඩුවන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට එහිදී දැනුම් දී ඇත්තේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය 8 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී එම තීරණය ගෙන තිබුණි

මේ අතර, 2002 අංක 24 දරන සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ අංක 2415/66 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නිවේදනයක් ද මෙහිදී සලකා බැලීම සිදුකර තිබෙනවා.

ඒ අනුව, මෙම වසර අවසන්වනතෙක් අස්වැසුම ප්‍රතිලාභීන් වෙත ලබාදීමට නියමිත ප්‍රතිලාභ සඳහායි කාරක සභාවේ අනුමතිය හිමිව ඇත්තේ.

එහිදී අන්ත දිළිඳු පවුල් සඳහා ලබාදෙන රුපියල් 15,000 දීමනාව රුපියල් 17,500 දක්වාත්, රුපියල් 8,500 ලබාදෙන පවුල් සඳහා රුපියල් 10,000ක් ලබා දීමටත්, රුපියල් 2,500ක් ලබාදෙන පවුල් සඳහා රුපියල් 5,000ක් ද රුපියල් 5,000ක් ලබාදෙන පවුල් සඳහා එම දීමනාව නොවෙනස්ව ලබාදීමටත් කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *