BREAKING NEWS
Search

අමුතු සෙල්ලමක් කළ තරුණයෙකුගේ බිල්ලක් වූ 20 හැවිරිදි තරුණිය

36

පෝලන්තයේ 20 හැවිරිදි තරුණයෙකු විසින් තරුණියක් ඝාතනය කර පසුව දූෂණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෝටර් රථ අලුත්වැඩියා සාප්පු සේවකයෙකු වන මාටියුස් හෙපා නමැති තරුණයා, 18 හැවිරිදි වික්ටෝරියා කොසියෙල්ස්කා නමැති තරුණිය 2023 අගෝස්තු මාසයේදී බස් රථයකදී මුණගැසී තිබෙනවා.

ඔහු ඇයව ඔහුගේ මහල් නිවාසයට රැගෙන ගොස් ඇති අතර, පසුව ඇය ඔහුගේ නිවසේ නිදාගෙන තිබුණා.

පසුව ඔහු ඇය නිදාගෙන සිටියදී ඇයට පහර දී, කඹයකින් ගෙල සිර කර ඇයගේ මළ සිරුර දූෂණය කර තිබෙනවා.

නඩු විභාගයේදී හෙපා පාපොච්චාරණය කර ඇත්තේ, තමා මිනීමැරුමක් ගැන සිතමින් සිටි බවත්, වික්ටෝරියා හමුවීමට පෙර ගොදුරක් සොයමින් සිටි බවත්ය.

තවද ඔහු පවසා ඇත්තේ, තමන් කාසියක් විසිකළ බවත්, එය සිරස වැටුණහොත් ඇය ඝාතනයක කිරීමට සිතා සිටි බවත්ය.

එසේම සිරස වැටුණු නිසා ඇයගේ ගෙල සිර කර මරා දැමූ බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

ඝාතනයෙන් පසු, ඔහු ප්‍රථමයෙන් ඇයගේ සිරුර පුළුස්සා දැමීමට සැලසුම් කළ නමුත් අවසානයේ ඔහු පොලිසියට කතා කර ඇති අතර, පැය කිහිපයක් ඇතුළත පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහි පළමු නඩු විභාගය ජනවාරි 8 වැනිදා සිදු වූ අතර, අනෙක් නඩු විභාගය පෙබරවාරි 12 වැනිදා නැවත ආරම්භ වීමට නියමිතයි.

එමෙන්ම ඔහු මෙම ඝාතනයේ වරදකරු වුවහොත්, ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ද නියම විය හැකි බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *