BREAKING NEWS
Search

වැඩිකළ සුරාබදු මත මත්පැන් බෝතලයේ මිල වැඩි වුනේ මෙහෙමයි

60

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකට පැවරී ඇති බලතල ප්‍රකාරව මධ්‍යසාර මත පනවා ඇති බදු ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 6% කින් ඉහළ නංවනු ලැබුවා.

ඒ අනුව, මෙරට තුළ නිෂ්පාදිත විශේෂ අරක්කු සඳහා යොදාගන්නා මධ්‍යසාර ලීටරයක් මත පැනවෙන නව බද්ද රුපියල් 7,244ක් වන අතර මොලෑෂස්, තල්, පොල් සහ පදම් කළ අරක්කු සඳහා ගැනෙන මධ්‍යසාර ලීටරයක් මත පැනවෙන නව බද්ද රුපියල් 7,752ක්.

එමෙන්ම මෙරට තුළ නිෂ්පාදිත විදෙස් මත්පැන් සඳහා යොදා ගන්නා මධ්‍යසාර ලීටරයක් මත පැනවෙන නව බද්ද රුපියල් 7,969ක්.

මෙම බදු සංශෝධන ද ඇතුළුව මධ්‍යසාර කාණ්ඩ 9ක් මත පැනවෙන බදු සංශෝධනය කර තිබෙනවා.

මෙම නව සංශෝධනයට අනුව මත්පැන් මිල ඉහළ යන ආකාරය සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදු කළා.

කෙසේ වෙතත්, මත්පැන් අලෙවි සැල් නියෝජිතයින් කියා සිටියේ සංශෝධිත මිල ගණන් සම්බන්ධයෙන් මෙතෙක් තමන් දැනුවත් කර නොමැති බවයි.

මේ අතර දුම්වැටි මිල ද අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා ඇතැයි ලංකා දුම්කොළ සමාගම ප්‍රකාශ කළා.

ඒ අනුව මිල කාණ්ඩ 4ක් යටතේ දුම්වැටි මිල ඉහළ නැංවෙන අතර, ඒ අතරින් කාණ්ඩ 2ක් රුපියල් 5කිනුත්, තවත් කාණ්ඩ දෙකක් රුපියල් 10කිනුත් මිල ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව රුපියල් 35ක් වූ අඩුම දුම්වැටියේ මිල රුපියල් 40ක් වන අතර රුපියල් 160ක්ව පැවැති වැඩිම දුම්වැටියේ මිල රුපියල් 170ක් වනු ඇති.

source : hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *