BREAKING NEWS
Search

තරුණ වැඩමුළු සල්ලි වලින් අධ්‍යක්ෂක, කාන්තාවක් සමග අමුතු වැඩමුළුවකට ගිහිං

41

තරුණ තරුණියන් කලාපිය ජාත්‍යන්තර් තරුණ වැඩමුළුවලට සහභාගි කරවිම සදහා ජාතික තරුණසේවා සභාවෙන් වෙන් කළ රුපියල් මිලියන  4.89 කින් සභාවේ අධ්‍යක්ෂක  ජනරාල්, අධ්‍යක්ෂක ( කාර්මික හා වෘත්තිය පුහුණු) කාන්තාවක් සමඟ විදේශිය සංචාරවලට සහභාගිවි ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

මෙම සවාරියට සම්බන්ධවූ කත තරුණසේවා සභාවට සම්බන්ද නොමැති අයෙක් බවද අනාවරණය වී ඇතැයි එම වාර්තාවල දැක්වේ.

ක්‍රියකාරි සැලැස්ම අනුව  වෙන්කරණ ලද ප්‍රතිපාදන  එම කාර්යයන් සදහා යෙදවිමට  කළමණාකරණය විසින්  සිදුකළ යුතු බවට විගණනය මගින්  නිර්දේශකොට ඇත.

ජාතික තරුණසේවා සභාව විසින්  මේ සදහා විගණනයට පිළිතුරු ලබා දි නොමැති අතර  ජාතික තරුණසේවා සභාව සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාව  මගින් මෙම තොරතුරු අනාවරණය වි තිබුණි.

ලංකාදීප




Leave a Reply

Your email address will not be published. Required fields are marked *