BREAKING NEWS
Search

විශේෂ දිනයක මුහුදේ උපන් කුමරා ගැන ඇසෙන ලොවම මවිත කල කතාව

39

අප්‍රිකාවේ සිට කැනේරි දූපත් බලා යාත්‍රා කරන්න වූ අනවසර සංක්‍රමණිකයන් රැගත් කුඩා ඩිංගි බෝට්ටුවක් තුළ දරු ප්‍රසූතියක් සිදුවිය. අලුත උපන් බිලිඳා, මව සහ බෝට්ටුවේ සිටි සෙසු පිරිස බේරා ගැනීමට, ස්පාඤ්ඤ වෙරළාරක්ෂකයෝ කටයුතු කළහ.

ඩිංගි බෝට්ටුව, පළමුවෙන් හමුවූයේ වෙනත් යාත්‍රාවකටය. ඒ, ස්පාඤ්ඤයට අයත් ලැන්සරෝට් කුඩා දූපතට ඔබ්බෙන් මුහුදෙනි. ඔවුන් ඒ බව ස්පාඤ්ඤ වෙරළාරක්ෂකයන්ට දුන්නේය. වෙරළාරක්ෂකයන් පැවැසුවේ, කුඩා ඩිංගි බෝට්ටුවේ ගැහැනු සහ පිරිමි පුද්ගලයන් 50 කට වැඩි පිරිසක් සිටි බවය.

අලුත උපන් බිලිඳා සහ මව තමන්ට හමුවෙද්දී, මව බෝට්ටුවේ පිරිස අතරේ වැතිර සිටි බවත්, බෝට්ටුවේ සිටි පුද්ගලයකු බිලිඳා වඩාගෙන සිටි බවත් ස්පාඤ්ඤ වෙරළාරක්ෂයෝ පැවැසූහ.

බිලිඳකු සිටින බව වෙරළාරක්ෂකයන්ට දැනුම් දුන් විගස, බිලිඳාටත්, බිලිඳාගේ මවටත් අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට ස්පාඤ්ඤ වෙරළාරක්ෂකයෝ පියවර ගත්හ. බිලිඳා සහ මව ලැන්සරෝට් දූපතේ වෛද්‍ය මධ්‍යස්ථානයකට හෙලිකොප්ටරයකින් යැවීම සිදුවිය.
ස්පාඤ්ඤ වෙරළාරක්ෂකයන්ට, බිලිඳා හමුවූයේ ස්පාඤ්ඤය, ක්‍රිස්තියානු නිවාඩු දිනය සමරද්දීය. ඒ වනවිට බිලිඳා උපත ලබා මිනිත්තු 10 ක් හෝ 15 ක් යද්දීය. ස්පාඤ්ඤ වැසියන්, ‘එපිෆනි’ නමැති මෙම නිවාඩු දිනය සමරන්නේ, ජේසු බිලිඳාට තෑගි රැගෙනා ආ රජ තුන්කට්ටුවට ගරු කිරීමක් වශයෙනි.

එපිෆනි නිවාඩු දිනය දා සංක්‍රමණික බෝට්ටුවෙන් අලුත උපන් බිලිඳකු හමුවීම සුවිශේෂී සිදුවීමක් බව ස්පාඤ්ඤ බලධාරීහු පසුව පැවැසූහ. එපිෆනි නිවාඩු දිනය සැමරෙන්නේ ස්පාඤ්ඤයේ කුඩා දරුවන්ට තෑගි බෝග ලබා දෙමිනි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *