BREAKING NEWS
Search

ෆේස්බුක් පෙම්වතා සහ සැමියා සමග එක ගෙයි පවුල් කෑ එක් දරු මවක් ගැන ඇසෙන අමුතු කතාව

33875
මේ දෙන්නාගේ හාදකම පටන් ගත්තේ කොහොමද..? ඒ වෙනකොටත් ඇය වයස අවුරුදු10ක දරුවෙකුගේ මවක්..
ඒත් එක්කම ඇයට සැමියා සමඟත් කිසිම ගැටලුවක් තිබුණේ නැහැ.. කොහොම වුණත් මේ ෆේස්බුක් පෙම්වතා නිසා සතුටෙන් හිටපු ඒ පවුලට අද අත්වෙලා තියෙන්නේ ඛේදනීය ඉරණමක්..

අවසානයේ මුහුණු පොතෙන් හඳුනා ගත් අනියම් සැමියා වශයෙන් තබා ගත් පුද්ගලයෙකුට සිය ගැබිනි බිරිඳ භාරදෙන්න ඔහු තීරණය කරන්නේ අන්න ඒ අනුවයි..

මේ ඒ පිළිබඳව කුරුණෑගල තණමල්ගම ප්‍රදේශයෙන් වාර්තා වූ කතාවයි..

35 හැවිරිදි මෙම බිරිඳ ,මුහුණ පොතේ සිටි පුද්ගලයෙකු සමඟ අනියම් සම්බන්ධතාවයක් ගොඩ නඟා ගෙන තිබෙනවා..

පසුව එම අනියම් සැමියාද නිවසට ගෙන්වා ගෙන මෙම කාන්තාව නීත්‍යානුකූල සැමියා සහ අනියම් සැමියා සමඟ කලක් සුහදව සිට ඇති බවයි වාර්තා වෙන්නේ..

කාලය ගතවෙමින් යද්දී , ඇය ගැබිනියක් වෙලා.. බිරිඳ ගැබ් ගැනීමෙන් පසුව අනියම් සැමියා සමඟ එක්වී තමාට නිවසින් යන ලෙස පවසා බිරිඳ විසින් නිතර රණ්ඩු සරුවල් කළ බවයි පැමිණිලිකාර සැමියා පොලීසිය හමුවේ පවසා සිටියා..

පැමිණිල්ලෙන් අනතුරුව මොවුන් තිදෙනාම පොලීසියට ගෙන්වා ඇති අතර එහිදී බිරිඳ පවසා සිටියේ තව දුරටත් නීත්‍යානුකූල සැමියා සමඟ ජීවත්විය නොහැකි බවයි…

ඉන් අනතුරුව නීත්‍යානුකූල සැමියා විසින් සිය බිරිඳ අනියම් සැමියා වෙත භාර දුන් අතර සිය 10 හැවිරිදි දරුවාද බිරිඳ විසින් ඉල්ලා සිටි අතර නීත්‍යානුකූල සැමියා සිය දරුවාද ලබා දුන් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *