වේයන්ගොඩ පොලිස් ස්ථානයේ අබිලි ද්‍රව්‍ය ගොඩ ගසා තිබූ කාමරයක අද( 31) දහවල් ඇති වූ ගින්නකින් එම ගබඩාවේ තිබූ සියලු අබිලි ද්‍රව්‍ය හා පැරණි ලිපි ලේඛන විනාශයට පත් වී ඇති බව පොලීසිය කියයි.
එමෙන්ම රථවාහන අංශය, ප්‍රජා පොලිස් ඒකකය, ළමා හා කාන්තා කාර්යාංශය, පරිසර ඒකකය පවත්වාගෙන ගිය කාමරවලටද සුළු වශයෙන් අලාභ සිදුවී ඇති බව වේයන්ගොඩ පොලිසිය කියයි .
මෙම ගින්න හේතුවෙන් පොලිස් නිලධාරීන් හෝ වෙනත් කිසිවකුට කිසිදු හානියක් සිදු වී නැත .මෙම ගබඩා කාමරයේ කලක් තිස්සේ භාවිතයෙන් ඉවත දමන ලද පොත් පත්, මෙට්ට, සහ අබලි ද්‍රව්‍ය ගොඩගසා තිබී ඇත .
මෙම කාමරය පිහිටි ගොඩනැගිල්ලෙහි හටගත් ගින්නෙන් එම ගබඩාවේ දමා තිබූ සියලුම දේපළ පාහේ සම්පූර්ණයෙන්ම විනාශයට පත් වී තිබිණි . මෙම ගින්න හේතුවෙන් රථවාහන අංශය, ප්‍රජා පොලිස් ඒකකය, පරිසර ඒකකය සහ ළමා හා කාන්තා කාර්යාංශය පවත්වාගෙන ගිය කාමරවල ද දොර ජනෙල්, පොත්පත්වල ටද සුළු වශයෙන්ව හානි සිදු වී තිබිණි වහලයේ සෙවිලි තහඩු 12 ක් ගිනි ගැනීමට ලක් වී ඇත .
ගමපහ නගර සභාවේ ගිනි නිවන ඒකකය කැදවා ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරනු ලැබිය

















