BREAKING NEWS
Search

කොල්ලුපිටියේ හෝටලයකින් පැන්න විදේශිකයාගේ මරණය ගැන ආන්දෝලාත්මක ප්‍රකාශයක්

34

කොල්ලු‍පිටියේ පිහිටි හෝටලයක 7 වැනි මහලෙන් පැන විදේශිකයෙකු පසුගියදා ජීවිතක්ෂයට පත්වීම සියදිවි නසා ගැනීමක් නොවන බව, ඔහුගේ පවුලේ ඥාතීන් පවසනවා.

කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් සඳහන් කළේ, මෙම මරණයට මෙරට රජය කඩිනමින් සාධාරණය ඉටු කළ යුතු බවයි.

51 හැවිරිදි ඕස්ටේ්‍රලියානු ජාතිකයෙකු වන අදාල විදේශිකයා කොල්ලු‍පිටියේ හෝටලයක 7 වැනි මහලෙන් පැන සියදිවි නසා ගැනීමේ පුවතක් පසුගිය 6 වැනිදා අපට වාර්තා වි තිබුණා.

ඔහු බිමට පැනීම වැළැක්වීමට පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දැරුවත් එය සාර්ථක වි නොමැති අතර ජිවිතක්ෂයට පත්වු අදාළ විදේශිකයා මානසික රෝගී තත්ත්වයකින් පීඩා විඳ ඇති බවට පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම පුද්ගලයාගේ ඥාතීන් මෙරටට පැමිණ පසුගිය දිනවල මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව, ඔවුන් කොළඹදී ප්‍රවෘත්ති සාකච්ජාවක් පවත්වමින් කියා සිටියේ මෙය සිය දිවි නසා ගැනීමක් නොව ඝාතනයක් බවයි.

සිය සහෝදරයාට සියදිවි නසා ගැනීමට කිසිදු හේතුවක් නොතිබූ බව ඔහුගේ සහෝදරිය සහ සහෝදරයින් දෙදෙනා එම ප්‍රවෘත්ති සාකච්ජාවට එක්වෙමින් වැඩිදුරටත් ප්‍රකාශ කළා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *