ජනප්‍රිය නිළියක ගමන් ගත් මෝටර් රථයක් අනතුරට… පුද්ගලයෙකු මිය යයි…

3069
මේ කියන්න යන්නේ ලංකාවේ සිදුවුණ රිය අනතුරක් ගැන නම් නෙමෙයි.
ජනප්‍රිය ඉන්දීය නිළියක් වන උර්මිලා කෝතාරේ ගමන් ගත් මෝටර් රථයේ ගැටී කම්කරුවෙක් මියගොස් තිබෙනවා.

මෙම අනතුරෙන් තවත් කම්කරුවෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මුම්බායි නුවර කන්ඩිව්ලි ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති අතර උර්මිලා කෝතාරේගේ රථය පැදවූ රියදුරාට රථය පාලනය කරගත නොහැකිව අනතුර සිදුව ඇති බව සදහන්.

අනතුරින් පසු එක් කම්කරුවෙන් එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් කම්කරුවා බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර ඇති අතර රියදුරු ද බරපතල තුවාල ලබා තිබෙනවා.
අනතුරින් උර්මිලා කෝතාරේ ද සුළු තුවාල ලබා ඇති බව සදහන්.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *