දොඩන්දුව මොරකොල විහාරස්ථානයේ අද සවස පැවති සංඝමිත්තා පෙරහරේ ගමන්කල අලියා කුලප්පුවි ඇත්ගොව්වා පිම දබා පාගා ඇති බවත් බර පතල තුවාල ලැබු ඇත් ගොව්වා කරාපිටිය රෝහලට ඇතුලත් කල බවත් හික්කඩුව පොලිසිය පවසයි.
පෙරහර ගමන් කරමින් සිටියදි දොඩන්දුව පාලම අසලදි කුලප්පු වු ඇති ඇතා ඇත් ගොව්වා බිම දමා පැගිමත් සමග පෙරහර නැරඹිමට පැමිණ සිටි පිරිස හිස්ලුලු අත දිව යන්නට විය.
බිම දමාඅලියා විසින් පාගා සිටි ඇත් ගොව්වා පසුව කරාපිටිය රොහ්ලට ඇතුලත් කරණ ලද අතර කරාපිටිය රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ඇත් ගොව්වා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කල බවයි
වෙනත් පුවත්
ගුවන්තොටේ තැන් 3කට නව ආරක්ෂිත කැමරා පද්ධතියක්
මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීම, ගුවන් තොටුපළ පරිශ්‍රයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැලැක්වීම සහ නීති විරෝධී ලෙස පුද්ගලයන් රටින් පිටවීම වැලැක්වීම සඳහා වහා පියවර ගන්නැයි ජනාධිපති අනුර දිසානායක අද (28) බලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන ප්‍රධානීන් අතර ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
ඒ අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන තුනෙහි ඒකාබද්ධ කැමරා පද්ධතියක් සහ ඒකාබද්ධ නිරීක්ෂණ මැදිරියක් ස්ථාපිත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී උපදෙස් දුන්නේය.
එසේම දැනට පවතින ස්කෑන් යන්ත්‍ර වෙනුවට වැඩිදියුණු කරන ලද නවීන ස්කෑන් යන්ත්‍ර යොදා ගනිමින් මෙම ආයතනයන්හි සිදුවන ජාවාරම් වලක්වා ගැනීමට ප්‍රායෝගික නව ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙස ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
රටේ ජනතාව තුළ රේගුව පිළිබඳ පවතින දුර්මත දුරු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් දැඩි විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අවධාරණය කළේය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සරත් නෝනිස්, ආගමන විගමන පාලක ජනරාල් (වැඩබලන) බී.එම්.ඩී. නිලූෂා බාලසූරිය,මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (ජාතික අයවැය) ජූඩ් නිලුක්ෂාන්, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ




















