BREAKING NEWS
Search

ත්‍රිකුණාමල මුහුදෙන් මතුවූ අබිරහස් යානය ගැන ඇසෙන අලුත්ම කතාව

1383
විදේශ රටක නිෂ්පාදිත ඩ්‍රෝන යානයක් ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදේදී ධීවරයෙකුට හමුවී තිබෙනවා.
අදාළ ඩ්‍රෝන යානය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ වන විට වැඩිදුර විමර්ශනයක් ආරම්භ කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක එරන්ද ගීගනගේ මහතා සඳහන් කළා.

විදෙස් රටක නිෂ්පාදිත බවට සැකකෙරෙන ටාගට් ඩ්‍රෝන් නමින් හඳුන්වන ඩ්‍රෝන යානාවක් ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදේ දී ධීවරයෙකුට හමුවී තිබෙනවා.

ධීවරයා විසින් ඩ්‍රෝන යානය ගොඩබිමට ගෙන ඒමෙන් පසු පොලිසිය දැනුවත් කර ඇති අතර අදාළ ඩ්‍රෝන යානය වැඩිදුර පරීක්ෂණ සඳහා ගුවන් හමුදා කඳවුරට ගෙන ගියා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා සඳහන් කළේ අදාළ ඩ්‍රෝන යානය ගුවන් හමුදා පුහුණුවලදී, ගුවන් යානාවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉලක්ක ගැනීමේදී ගුවන් යානා අනුරූ ලෙස භාවිත කරන ඩ්‍රොන යානා විශේෂයක් බවයි.

ඒ අනුව අදාළ ඩ්‍රෝන යානය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම මීට වසර කිහිපයකට ඉහතදී ද ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ සිට මෙවැනි ටාගට් ඩ්‍රෝන යානයක් මෙරටට පැමිණ ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *