BREAKING NEWS
Search

ගිනි ගන්නා නැවේ සිටි පුද්ගලයින් දෙදෙනකුට තුවාලයි – බහලුම් 8 ක් මුහුදට වැටෙයි (VIDEO)

148

කොළඹ වරායෙන් පිටත ගිනි ගනිමින් තිබෙන MV X-Press Pearl නෞකාවේ සිටි ඉන්දීය ජාතිකයින් දෙදෙනකු තුවාල ලබා තිබේ.
තුවාල ලැබූ ඉන්දීය ජාතිකයින් දෙදෙනා මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව එහි ප්‍රකාශිකාවක පැවසුවා ය.

නෞකාවේ බහළුමක පිපිරීමක් සිදුව ඇති බව අද (25) උදෑසන වාර්තා වූ අතර නාවික හමුදා ප්‍රකාශකවරයා පැවුසවේ, නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ආරක්ෂිතව ඉවත් කර ගත් බවයි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පැවුවේ, නැවේ තිබූ බහලුම් 8ක් මුහුදට වැටී ඇති බවයි.

එහි සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේ පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් නැවේ ගින්න මේ ආකාරයෙන් වර්ධනය වී ඇති බවයි.

මේ අතර සමුද්‍රීය පරිසර හානිය වළක්වා ගැනීම සඳහා නෞකාව නාවික සැතපුම් 50ක් දුර, ගැඹුරු මුහුදට රැගෙන යාමට ද තීරණය කර තිබේ.

ඉන්දියාවේ හසීරා වරායේ සිට පැමිණ ඇති මෙම නෞකාවේ නයිට්‍රික් ඇසිඩ් ටොන් 25 ක් සමග වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486 ක් ප්‍රවාහනය කරමින් මෙරටට පැමිණ තිබේ.

නිවීම සඳහා ගුවන් හමුදාව බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක් යොදවා ඇති අතර පසුගිය 21 වනදා ද නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහා බෙල් -212 හෙලිකොප්ටර යානයක් යොදවා තිබිණ.

එම අවස්ථාවේව 212 හෙලිකොප්ටර යානය මගින් ගින්න නිවීම සඳහා වියළි රසායනික ද්‍රව්‍ය කුඩු කිලෝ 425 ක් සාර්ථකව පහතට ‍හෙළා තිබිණ.

newsfirst.lk




Leave a Reply

Your email address will not be published. Required fields are marked *