ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අතුරුගිරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ සිදුකෙරෙන විමර්ශනයට අදාළව උපපොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු තිදෙනකු තාවකාලිකව මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත මාරුකර තිබේ.
දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ස්ථානාධිපතිවරයා හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මෙලෙස තාවකාලිකව මාරුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.
අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ බෑනා වන ලේඛක කසුන් මහේන්ද්‍ර ගීනටිගල මහතා පොලිස් මූලස්ථානයේ සහන මැදිරියට කරන ලද පැමිණිල්ලකට අදාළව කොළඹ දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වරයාගේ උපදෙස් මත මෙම ස්ථානමාරුවීම් සිදුකර තිබේ
වෙනත් පුවත්
හැටන් බස් රථ අනතුරේ රියදුරුට දුන් නියෝගය
හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ ඊයේ (21) සිදු වූ පෞද්ගලික බස් රථ අනතුරෙන් තුවාල ලබා දික්ඔය මූලික රෝහලේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබමින් සිටි එම බස් රථයේ රියදුරු මේ මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළේය.
හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් එස්. රාම්මුර්ති මහතා විසින් අද (22) මෙම නියෝග නිකුත් කර ඇත.
රෝහල වෙත පැමිණි වැඩබලන මහෙස්ත්‍රාත්වරයා, වෛද්‍යවරුන්ගෙන් සැකකාර රියදුරුගේ තත්ත්වය පිළිබද කරුණු විමසා මෙම නියෝගය ලබාදී තිබේ.
ඒ අනුව සැකකාර රියදුරා බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ රෝහල තුළම මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටියි.
ඊයේ (21) උදෑසන හැටන් සිට මහනුවර බලා ධාවනය වූ මෙම බස් රථය මල්ලිඅප්පුව ප්‍රදේශයේදී අනතුරට ලක්විය.
වංගු සහිත මෙම මාර්ගයේ රියදුරුට බස් රථය පාලනය කරගැනීමට නොහැකිවී එය මාර්ගයෙන් ඉවතට ගොස් අඩි 20ක පමණ කොන්ක්‍රීට් බැම්මකින් පහළට වැටුණි.
එම අනතුරින් රියැදුරු සහ සහයක ඇතුළු 53 දෙනෙකු තුවාල ලැබූ අතර, ඉන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
එලෙස මියගොස් තිබුණේ හැටන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 14ක පාසල් ශිෂ්‍යයෙක්, 68 හැවිරිදි මහනුවර පදිංචිකරුවෙක් සහ කාන්තාවක්ය.
ඉන් හැටන් වතුයායේ පදිංචිව සිටි දේවරාජ් දිනේෂ්කුමාර් නමැති 14 හැවිරිදි දරුවාගේ සිරුර ඔහුගේ නිවසේ මේ වනවිට තැන්පත් කර තිබේ.
එම දරුවාගේ මව සෞදි රාජ්‍යයේ ගෘහ සේවයේ රැකියාවක නිරතව සිටින අතර, ඇය දිවයිනට පැමිණිමෙන් අනතුරුව දේහයේ අවසන් කටයුතු සිදුකරන බව පවුලේ ඥාතීන් පැවසීය.

















