අදියර වශයෙන් වාහන ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කිරීමත් සමග ටොයෝටා ලංකා සමාගම සිය පළමු වාහන ප්‍රමාණය මෙරටට ගෙන්වා තිබේ.
සංචාරක කර්මාන්තය සඳහා යොදාගැනෙන රථවාහන මෙලෙස ආනයනය කර ඇත.
ආර්ථික අර්බුදකාරී වාතාවරණය හමුවේ මෙරට විදේශ විනිමය සංචිත පහළ යාමත් සමග වාහන ආනයනයට සීමා පැනවීමට ඉකුත් රජය පියවර ගත්තේය.
කෙසේ නමුත් ක්‍රමිකව ආර්ථිකය ප්‍රකෘතිමත් වෙමින් පැවතීමත්, විදේශ විනිමය සංචිත යළි ඉහළ යාමත් හමුවේ ආනයන සීමා ලිහිල් කරමින් අදියර කිහිපයක් යටතේ නැවත වාහන ආනයනයට රජය තීරණය කළේය.
කෙසේ නමුත් ඒ සඳහා පළමුව අවසර හිමිවුණේ සංචාරක කර්මාන්තයට යොදාගැනෙන වාහන ආනයනය කිරීමට.
එම තීරණයෙන් පසු ටොයෝටා ලංකා සමාගම සිය පළමු වාහන තොගය මෙලෙස දිවයිනට ගෙන්වා තිබේ.


















