BREAKING NEWS
Search

පොල්වතු සම්බන්දයෙන් රජය ගත්ත අලුත්ම තීරණය

193

වර්තමානයේ පවතින පොල් අර්බුදයට විසඳුමක් ලෙස පොල් වතුහිමියන්ට පොහොර සහනාධාර ලබාදීමට පියවර ගන්නා බව සමන්ත විද්‍යාරත්ත නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඔහු සඳහන් කළේ, දිවයිනට ආනයනය කළ පොහොර මෙට්ට්‍රක්ටොන් 55,000න් මෙට්ට්‍රක්ටොන් 27,500ක් පොල් වගාකරුවන් සඳහා ලබා දීමට නියමිත බවය.

“අපේ අමාත්‍යාංශයේ අක්කර දස දහස් ගණනක තියෙන පොල් වතුවල අවුරුදු 5කින් පොහොර දාලා නෑ. ඒ කියන්නේ අස්වැන්න අඩුයි. සාමාන්‍ය ජනතාවත් පොහොර දාගන්න පුළුවන් තත්ත්වයක හිටියේ නෑ. පොහොර නැවක් ආවා පහුගිය කාලයේ කැබිනට් එකේ කතා කරලා ඒ පොහොර නැවෙන් භාගයක් පොල් වගාවට ලබාදෙන්න අපි තීරණය කළා.”

ලබන වසර වන විට දැනට පවතින පොල් අර්බුදයට විසඳුම් සෙවීමට හැකි වනු ඇති බව සමන්ත විද්‍යාරත්ත නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *