BREAKING NEWS
Search

විදුලිය ගාස්තු අඩු කෙරෙන පරාසයන් ගැන දැනුම්දීමක්

367

ලංකා විදුලිබල මණ්ඩලය තවත් මාස 6ක් යනතුරු විදුලිය ගාස්තු අඩු කිරීමට නොහැකි බව ප්‍රකාශ කර ඇතැත් පවතින තත්ත්වය හා සියලු සාධක සැලකිල්ලට ගත හොත් විදුලිය ගාස්තු 11% – 23% ත් අතර පරාසයකින් අඩු කිරීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ගාස්තු අඩුකළ නොහැකි බවට වන යෝජනාවට පිළිතුරක් ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිය ගාස්තු සියට 11 ත් 23 ත් අතර ප්‍රමාණයකින් අඩු කළ හැකි බවට වන ප්‍රතියෝජනාවක් අද (17 ) මහජනතාව වෙනුවෙන් ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් විචාරකයන් පවසන්නේ විදුලි ගාස්තුව සම්බන්ධයෙන් වගකිවයුතු ඉහළම ආයතන දෙක වන ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අතරේ මත ගැටුමක් නිර්මාණය වී ඇති බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *