අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් පිළිබඳව සඳහන්ව තිබූ අතර එය තොරතුරු ඇතුළත් කිරීමේදී සිදුවු වරදක් බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පසුව නිවේදනය කළේ.
එම අතපසුවීම නිවැරදි කළ බවත් ඒ සම්බන්ධයෙන් සිදුවූ අපහසුතාව පිළිබඳ කණගාටුව පළ කරන බවත් එම නිවේදනයේ සඳහන් කර තිබුණා.
එවන් පසුබිමකයි අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර අද අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවට පැමිණ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කරනු ලැබුවේ.
මේ අතර, නියෝජ්‍ය කතානායක රිස්වි සාලි ට එරෙහිව ඉදිරියේදී වෛද්‍ය සභාවට පැමිණිලි කරන බවයි අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර කියා සිටියේ.
එමෙන්ම හිටපු කතානායක අසෝක රංවල ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාගේ අධ්‍යාපන තොරතුරු ලබා දෙන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ ඇතුළු පිරිසක් මැතිවරණ කොමිසමට අද ලිපියක් භාර දුන්නා.
මේ අතර, අල්ලස, දූෂණයට හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය ද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ 2010 වර්ෂයේදී නීති උපාධිය ලබා ගැනීම සඳහා වංචනිකව විභාග සඳහා පෙනී සිට ඇති බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින්.



















