BREAKING NEWS
Search

වැලිපැන්න හෝටලයක ගැටුමක්

267

වැලිපැනන  ගබඩා හන්දිය ප්‍රදේශයේ හෝටලයකට ආහාර ලබා ගැනීමට අද (14) පැමිණි තරුණයන් පිරිසක් හා හෝටල් සේවකයන් අතර ආහාර සම්බන්ධයෙන් ඇති ගැටුමක් දුරදිග යාමෙන් තිදෙනකු කැපුම් තුවාල ලබා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි.

මේ වන විට ගැටුම පාලනය කිරිමට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇතැයි  වැලිපැන්න පොලිසිය පවසයි.

සිද්ධියට සම්බන්ධ  තරුණයන් තිදෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් කීපදෙනකු අත්අඩංගුට ගැනීමට නියමිතව ඇතැයි පොලිසිය කියයි.

පහරදීම හේතුවෙන් තුවාල ලබා ඇත්තේ දෙනියාය, ඉත්තෑපාන, මීගහතැන්න ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.  මොවුන් 34,27,32 යන වයස්වල පසුවන්නෝ වෙති.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *