මුහුණ දැකපු මුල් වතා‍වේම ම‍ගේ බලා‍පො‍රොත්තුව කඩ වුණා – මදුසමය දා මනාලිය‍ගෙන් දික්කසාදය ඉල්ලූ මනාලයා

5035
“මම විවාහ ‍වෙන්න බලා‍පෙ‍ා‍රොත්තු වුණු ගැහැනු ළමයා ඔයා ‍නෙ‍මෙයි, ඒ නිසා මම ඔයාව දික්කසාද කරනවා” විවාහ වුණු දින‍යේම තමන්ගේ ප්‍රිය සැමියා‍ගෙන් එවැනි ‍දෙයක් අහන්න මනාලියට සිදු වු‍ණොත් එය සිතා ගන්නටත් අපහසු ‍මො‍හොතක් ‍නේද?

ඒ ව‍ගේ අපහසු ‍මෙ‍ා‍හොතකට මුහුණ ‍දෙන්නට සිදු‍වේවි කියලා කිසිම මානාලියක් සිහි‍නෙන්වත් සිතන්නේ නැහැ.

ඒත් ‍‍සෞදි අරාබි‍යේ මනමාලියක් තමන්ගේ විවාහ උත්සවය අතරතුරදීම මේ අවාසනාවන්ත අත්දැකීමට මුහුණ දුන්නා.

විවාහ උත්සවය පැවැත්වු‍ණේ බටහිර ‍සෞදි අරාබි‍යේ ‍මෙඩිනාහ් කියන නගර‍යේ. විවාහ චාරිත්‍ර අවසන් වුණාට පස්සේ ඡායාරූප ශිල්පියා අලුත විවාපත් වුණු යුවළට ඡායාරූපයකට ‍පෙනී ඉන්න කතා කළා. ඡායාරූපයට මුහුණ ‍පෙන්නන්නට වුවමනා නිසා මුහුණ වැසී තිබුණු ‍වේලය ඉවත් කරන්න මනාලියට උප‍දෙස් ලැබුණා.

සිනහ වී‍ගෙනම මුහුණ වැසී තිබුණු ‍වේල්පට ඉවත් කරද්දි මනාලිය මුහුණ දුන්නේ තුන් හිතකින්වත් බලා‍පො‍රොත්තු ‍නොවුණු අත්දැකීමකට. ඡායාරූපයට සිනහ ‍වෙද්දිම මනමාලිය‍ගේ මුහුණ බලපු මනමාලයා එක්වරම කිව්වේ ”මම විවාහ ‍වෙන්න බලා‍පො‍රොත්තු වුණු ගැහැනු ළමයා ඔයා ‍නෙ‍මෙයි, මට සමා‍වෙන්න, ඒත් මම ඔයාව දික්කසාද කරනවා කියලයි.”

මනමාලයා‍ගේ ‍මේ වචන ටික ඇහුණු පරක්කු‍වෙන්ම මනාලිය‍ගේ ඇස්වලින් වැටුණු කදුළු දැකපු හැ‍මෝම ‍මොකද්ද ‍මේ ප්‍රශ්නේ කියලා බලන්න මනාල යුවළ හිටපු තැනට ආවා.

”විවාහයට කලින් මම මනමාලි‍ගේ මුහුණ දැකලා තිබු‍ණේ නැහැ, මුහුණ දැකපු මුල් වතා‍වේම ම‍ගේ බලා‍පො‍රොත්තුව කඩ වුණා, මම විවාහ ‍වෙන්න බලා‍පො‍රොත්තු වු‍ණේ ‍මේ ව‍ගේ ‍කෙ‍නෙක් එක්ක ‍නෙ‍මෙයි” ඒ තයි මනමාලයා‍ගේ නිදහසට කරුණු දැක්වී‍මේදී මනමාලයා කියපු කතාව ඇත්ත.

මේ විවාහට ‍යෝජිත විවාහයක්, මනාලයා හා මනාලිය ‍දෙ‍දෙනාම විවාහයට එකග ‍වෙලා ති‍යෙන්නේ ඔවු‍නොවුන් හමු‍වෙන්නේ නැතිව, ඔවු‍නොවුන් හමු‍නොවී විවාහයකට එකගවීම ‍සෞදි අරාබියානු සම්ප්‍රදායයන්ට අනුව අමුතු ‍දෙයක් ‍නො‍වෙයි.

විවාහයට ‍පෙර මනාලයා සහ මනාලිය හමු ‍නොවීම ඔවුන්ගේ සම්ප්‍රදාය, ‍මේ සිදුවීම සමතයකට පත් කර ගන්න බැරි වුණු නිසා මනාලයා‍ගේ කැමැත්තට ඉඩ ‍දෙන්න මංගල උත්සවයට ඇවිත් හිටපු කාටත් සිදුවුණා. ‍

මේ දික්කසාදයා නිසා මනාලියට ජීවිත‍යේ සතුටුම දවස ‍වෙන්න තිබුණු ඒ දවස ඈට කදුළින් පිරුණු දවසක් බවට පත් වුණා.

තමන්ගේ මංගල උත්සව‍යේදී අසරණ වුණු ‍මේ මනාලිය මුහුණු දුන්නු සිදුවීම සමාජ ‍වෙබ් අඩවි හරහා ප්‍රචාරය ‍වෙන්න පටන් ගත්තට පස්සේ ලැබුණු ප්‍රතිචාර සියල්ලම පා‍හේ මනාලිය ගැන අනුකම්පා‍වෙන් දක්වපු ප්‍රතිචාර බවයි ‍පෙනු‍ණේ.

ඔහු ඇයට ඒ තරම් දරුණු ‍වේදනාවක් දුන්නේ කිසිම වැඩකට නැති ආකල්පයක් නිසා, ඔහුටත් ‍මෙවැනිම ‍වේදනාවක් හිමි විය යුතුයි.

එක් ප්‍රතිචාරයක ‍එ‍හෙම ලියැවිලා තිබුණා. ඔහු දැනගත යුතුයි මුහු‍ණේ ලස්සනට වඩා හදව‍තේ ලස්සන වැදගත් බව, ඔහු අගය කළ යුතුව ති‍බු‍ණේ හදව‍තේ ලස්සන කියලා ‍කෙ‍නෙක් කියද්දි ඒ හා සමානව තවත් අදහසුත් පළ වුණා,

අවාසනාවට අද කා‍ලේ ‍බො‍හෝ තරුණ පිරිමින් හිතන්නේ බාහිරින් ‍පෙ‍නෙන ලස්සන ගැන විතරයි, ඇයව අගය කරන ආදරණීය සැමි‍යෙක් ඇයට ලබා ‍දෙන්න ‍දෙවියන් ආශිර්වාද කළ යුතුයි.

ඒ ව‍ගේම ඇයව විවාහ කර‍ගෙන ඇයත් එක්කම ජීවත් ‍වෙන්න කියලා කිසිම ‍කෙ‍නෙක් ඔහුට බලපෑමක් ‍නොකරපු එකම ‍හොදයි කියලත් මනාලිය‍ගේ දුක ‍බෙදාගන්න එකතු වුණු අය කියලා තිබිණා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *