මීගමුව – කොළඹ පාරේ යන රියදුරන්ට හදිස්සි දැනුම්දීමක්

194

හැඳල පුරාණ රජමහා විහාරස්ථානයේ පැහැර හේතුවෙන් හෙට (14) රාත්‍රියේ මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ  රථවාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලිස් මූලස්ථානය පවසයි.

වත්තල පොලිස් වසමේ හැඳල පුරාණ රජමහා විහාරස්ථානයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති පෙරහර හෙට (14) රාත්‍රි 7 සිට අනිද්දා (15) අලුයම් කාලය දක්වා වීථී සංචාරය කිරීමට නියමිත බවත් එම කාලය තුළ මීගමුව – කොළඹ මාර්ගයේ වාහන තදබදයක් ඇති විය හැකි බැවින්  විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවත් පොලිසිය කීය.

හැඳල පුරාණ රජමහා විහාරස්ථානයෙන් ආරම්භ කරන පෙරහර හැඳල මාර්ගය ඔස්සේ හැඳල හන්දිය දක්වා ගමන් කර කොළඹ – මීගමුව මාර්ගය හරහා ගොස් පරණ මීගමුව මාර්ගය ඔස්සේ ගමන්කර නැවත කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයට පිවිස අල්විස් ටවුන්, හැඳල හන්දිය ඔස්සේ නැවත විහාරස්ථානයට පැමිණීමට නියමිත බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *