ඇහැලියගොඩ මෝරගල පදිංචි කේ.එස්. එම්.බී. වින්සන්ට් මහතා වැඩිදුරටත් පවසන පරිදි සිද්ධිය මෙසේය.මෙවර උසස් පෙළ විභාගයට පළමුවරට පෙනී සිටි දියණිය නොවැම්බර් 24 වැනිදා ජීව විද්‍යා අංශයේ පළමු ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමට ගිය අවස්ථාවේ ඇගේ ජාතික හැඳුනුම්පත් කොපිය සහ විභාගයට පෙනී සිටීමට දී ඇති අවසර පත්‍රය අතුරුදන් වී ඇත.මේ පිළිබඳ විභාග ශාලාධිපතිනිය දැනුවත් කිරීමෙන් පසු එදින විභාගයට පෙනී සිටීමට අවසර දී ඇත්තේ පසුදින අදාළ ලියකියැවිලි රැගෙන එන කොන්දේසිය යටතේය. පසු දින එනම් 26 වැනිදා එම විෂයයේ දෙවැනි ප්‍රශ්න පත්‍රයට ඇය පෙනී සිටිමින් සිටියදී ගුරුවරියක පැමිණ පවසා ඇත්තේ ඇයගේ පෙරදා සටහන් ඉවත් කර ඇති බවයි.
මෙහිදී සිසුවිය දැඩි ආතතියකට ලක්ව නිවෙසට පැමිණ ඇති අතර පියා වෛද්‍යවරයකු ලෙස ඇති අත්දැකීම් අනුව වෛද්‍ය උපදෙස් සඳහා යොමුකර ඇත. හදිසි කාලගුණික තත්වයය නිසා විභාගය කල්ගිය නිසා ඇය දින 10ක් ප්‍රතිකාර ලබා පසුව මේ මස 4 වැනිදා මවුපියන්ගේ බලවත් ඉල්ලීම මත විභාගයට පෙනී සිටීමට ගියේ විනාඩි 8 ක ප්‍රමාදයකිනි.එහිදී විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව ඇය නිවෙසට ඒමට සූදානම් වූ අවස්ථාවේ ගුරුවරියන් 10 දෙනකුට වැඩි පිරිසක් විභාග ශාලාවේ දී කලින් සකසා ගත් ලිපියක් දෙවරක් ලියවා ගෙන අත්සන් ගෙන ඇත.
මේ හේතුව නිසා මේ වන විට තම දරුවා විශේෂඥ වෛද්‍ය උපදෙස් මත නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බව පියා පවසයි.තම දරුවා අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සාමාර්ථ ඒ 9 ක් ලබා උසස් පෙළ හැදෑරිමට ඇහැලියගොඩ ජාතික පාසලට ඇතුළත් වූ බවත් කීය.මේ පිළිබඳ වගකිව යුතු බලධාරීන් ලිඛිතව දැනුවත් කළත් මෙතෙක් සාධාරණයක් ඉටුවී නැති අතර මෙවන් අවාසනාවන්ත සිදුවීම් අන් දරුවන්ට නොවන්නට වග බලා ගැනීම බලධාරීන්ගේ වගකීමක් බව ඔහු වැඩිදුරටත් පැවැසීය.
(කපිල කුමාර)

















