තරු පන්තියේ හෝටල් සහ ආපනාශාලා සඳහා නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.
ඒ සඳහා සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහ සුරාබදු නිවේදනයන්ට අනුව අනෙකුත් සුදුසුකම් සපුරාලිය යුතු වේ.
ඒ අනුව, මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ද සහිතව එලෙස නව මත්පැන් බලපත්‍ර නිකුත් කරන බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසීය.
මේ වන විට සියලුම සිල්ලරට මත්පැන් විකිණීමේ නව බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇත.
ඒ පසුගිය වසර කිහිපය තුළ නිකුත් කරන ලද බලපත්‍ර සම්බන්ධයෙන් හටගෙන ඇති මතභේදාත්මක තත්ත්වය පිළිබද අවධානය යොමු කරමින් ය.



















