BREAKING NEWS
Search

පාසල් නිල ඇඳුම් රෙදි ගැන සුභ ආරංචියක්

377

චීනය විසින් ලංකාවට නොමිලයේ ලබාදීමට පොරොන්දු වූ පාසල් නිල ඇඳුම් රෙදි අද (10) නිල වශයෙන් මෙරටට ලබා දුන්නේය.

ඒ කොළඹ වරාය පරිශ්‍රයේ පැවති උත්සවයකදී ය.

එම අවස්ථාව ට අගමැතිනී හරිනි අමරසූරිය, අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් මෙන්ම චීන තානාපති චී ජන් හොන්ග් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ චීන තානාපතිවරයා රුපියල් බිලියන 5.2ක් පමණ වටිනා රෙදි මීටර් මිලියන 11.28ක් ශ්‍රී ලංකාවේ පාසල් ළමුන්ට ප්‍රදානය කරන බවයි.

 

වෙනත් පුවත්

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙක්

යු. එල්. උදය කුමාර පෙරේරා මහතා සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත්කිරීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන ආ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

උදය කුමාර මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඡ්‍යේෂ්ඨ කොමසාරිස්වරයෙක් වශයෙන් සේවය කරයි.

ඔහු ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි.

ඒ අනුව සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩබැලූ යූ. ඩී. එන්. ජයවීර මහතා නැවත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *