කෙටි කලක් තුළ කොවිඩ්-19 වසංගතයෙන් රට මුදාලීම සඳහා සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රජයට යෝජනා 10ක් ඉදිරිපත් කරයි.
එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර විසින් මෙම යෝජනාවලිය ඉදිරිපත් කරන අතර ඒ අනුව පළමුවෙන් ම දැනට ක්‍රියාත්මක ‘කොවිඩ් සමග ජීවිතයක්’ වෙනුවට ‘කොවිඩ් නැති ජීවිතයක් යන’ අරමුණු පදනම්ව වසංගතය තුරන් කිරීමේ උපාය මාර්ගයක් සැලසීමට ආණ්ඩුව නායකත්වය දිය යුතු බවද එම උපාය මාර්ගයට පුළුල් ආයතනික ව්‍යුහයක් සැකසීම, නව නායකත්ව මණ්ඩලයක් හා වගකිව යුතු ප්‍රකාශයකු නම් කිරීම, පුද්ගලයන් රට තුළට ඇතුළු වීමේදී දැඩි සංචරණ නීති සීමාවන් පැනවීම, ක්‍ෂණික පියවරක් ලෙස ඉතා කෙටි කලක් තුළ රටේ සියලු ම ජනතාවට එන්නත් ගෙන්වීම, නායකත්ව මණ්ඩලය විසින් සතියකට වරක් එකී වැඩපිළිවෙළ ගැන සමාලෝචනයක් සිදුකිරීම, ජනතාවට නිවැරදි හා සත්‍ය තොරතුරු නොවළහා හෙළිදරව් කිරීම, නිරෝධායනයට නව ස්ථාන පිහිටුවා එහි තදබදය අඩුකිරීම ඇතුළු යෝජනා 10ක් විස්තරාත්මකව රජයට යොමුකර ඇත.
ඒ මහතා අවධාරණය කළේ, ආසාදිතයන් නිවස තුළ හුදෙකලා කිරීම අසාර්ථක ක්‍රියාමාර්ගයක් බවත් එම ක්‍රියාව සිදුකිරීමට ගිය බොහෝ රටවල් අසාර්ථක වී ඇති බවත් ය.
විශේෂයෙන් ම මීට පෙර සෞඛ්‍ය වෘත්තිකයන් සමග එක්ව ‘කොවිඩ් නැති ජීවිතයක්, ශ්‍රී ලංකාවේ කොවිඩ් තුරන් කිරීමට විද්‍යාත්මක ප්‍රවේශයක්’ මැයෙන් පුළුල් යෝජනාවලියක් සෞඛ්‍ය ඇමති ඇතුළු බලධාරීන්ට ඉදිරිපත් කළ නමුත් එය සැලකිල්ලට නොගත් බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
Mawbima.lk




















