“මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව බෙලරූස්හි ජාත්‍යන්තර පොලිස් ඒකකය හරහා විමසීමක් සිදුකිරීමෙන් පසුව ඔවුන් විසින් අප වෙත දන්වා තිබෙනවා එම සැකකරු තවදුරටත් අත්අඩංගුවේ සිටින බවටත්, ඔහු කිසිසේත්ම නිදහස් කිරීමක් සිදුකර නොමැති බවට. ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා උදර්පන නීතිය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට අවශ්‍යකරන ක්‍රියාමාර්ග ගෙන අවසන්.”

දේශිය පුවත්
ක්ලබ් වසන්ත ඝාතනය මෙහෙයවූ බව කියන ලොකු පැටී ගැන ලැබුණු අලුත්ම ආරංචිය
Dec 06, 2024, 12:36 pm0
676බෙලරූස් රාජ්‍යයේ දැනට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ලොකු පැටී නැමැත්තා නිදහස් කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. මනතුංග ඊයේ කන්තලේ ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මෙසේ ප්‍රකාශ කර ඇත්තේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහු මෙරටට රැගෙන ඒම සදහා සියලු කටයුතු සූදානම් කර තිබෙන බවයි ඔහු සඳහන් කළේ.
Previous Postනාන කාමරයේ දී මනාලියට විහිළු කරන්න ගිය මනාලයාගේ දෙකට හානි වෙලා
Next Postඑයා නිතර ඒවා බලලා මට ඒ විධියට රගපාන්න කියනවා - බිරිද ට සිදුවූ දේ නිසා අවසානයේ නැවතුණු තැන...
















