BREAKING NEWS
Search

වසර 12 කට පසු, ජනප්‍රිය නිළි කාංචනා මෙන්ඩිස් රංගනයට

1289

කාලයක් තිස්සේ රංඟනයෙන් ඇස නොගැටුණාට, ‘කාංචනා මෙන්ඩිස්’ කියන නම කිසිදා අමතක නොවන නමක්.

ඒ තරමට ඇය එකල දිනූ ජනප්‍රියත්වය අති මහත්.

විවාහයත් එක්ක විදේශයක වෙසෙන ඇය, ඉඳහිටක ලංකාවට ඇවිත් යන්නත් අමතක කරන්නෙ නෑ.

මෑතකදිත් කාංචනා එහෙම ඇවිත් ගියා ඔබට මතක ඇති.

ඒ කොහොම නමුත් ඇයට ආදරේ කරන කවුරුත් බලාපොරොත්තුවෙන් ඉන්න කාරණාවක් තමයි, ඇයව යළි නිර්මාණ ඔස්සේ දැකබලා ගන්න එක.

ඔන්න එහෙම බලාපොරොත්තු ඇතිව ඉන්න කාටත් සුබ ආරංචියක් අසිතා මෙන්ඩිස් සිය මුහුණු පොතේ සටහන් කරලා තිබුණා.

ඒ සේයා රූ ගොන්නක් එක්ක.

Monara

ඇයගේ සටහනට අනුව නම්, ඉදිරියේදී කාංචනා මෙන්ඩිස්ව අපට සිනමාව ඔස්සේ දැකබලාගත හැකියි.

ඒ, ජයන්ත චන්ද්‍රසිරිගේ “The Hidden City” තුළින් බවයි ආරංචිය.

කාංචනාගේ මේ ආගමනය වසර 12 කට පසු වීම, සුවිශේෂී කාරණයක්.

වාර්තා වන හැටියට, චිත්‍රපටයේ රූපගත කිරීම් සිදුවන්නේ ලන්ඩන් නුවර.

එතුළින්, ඔබට සිංහල සිනමාවේ වර්තමාන සුපිරි තරුව වන හේමාල් රණසිංහවත් දැකබලා ගත හැකියි….

Monara



Leave a Reply

Your email address will not be published. Required fields are marked *