BREAKING NEWS
Search

එළවලු ලොරි පෙරැළි අධිවේගය අවහිර වෙයි

357

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලි පැන්න පිවිසුම සහ කුරුගහ ඳුහැතැක්ම පිවිසුම අතර කිලෝමීටර් 53 දශම දි අද  (4) අලුයම එලවලු  පටවා ගත් ලොරි දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුර  හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී  පැයකට ආසන්න කාලයක් මාර්ගය තාවකාලිකව වසා දැමීමට සිදුවූ බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.

සිදුවූ අනතුරින් එක් පුද්ගලයෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසියේ සඳහන්කරයි.

මාතර දෙස සිට එළවළු පටවා ගත් ලොරි දෙකක් කොළඹ දෙසට ධාවනය වීමේදී ඉදිරියෙන් ගමන් ගත්  ලොරියට පිටුපසින් පැමිණි බහලුම් පෙට්ටියක් සවිකළ රථය ඉස්සර කිරීමට යාමේදී එකිනෙක ගැටී ඉදිරියෙන් ගමන් ගත්  එළවළු රථය මාර්ගයේ පෙරලීමෙන් මෙම අනතුර වී සිදු වූ බව පොලිසිය කියයි.

මෙම අනතුරත් සමගම කොළඹ දෙසට මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ගිය අතර මාතර දෙස සිට කොළඹ කරා යන වාහන කුරුඳු ගහ හැතැක්ම පිවිසුමෙන් පිට කර සාමාන්‍ය මාර්ගය හරහා යළි වැලිපැන්න පිවිසුමටපැමිණ අධිවේගී මාර්ගයට පිවිස ධාවනය කිරීමට උපදෙස් ලබා දුන් බව පොලිස් නිලධාරියෙක් කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *