BREAKING NEWS
Search

ජනප්‍රිය තරුණ සුරූපී නිළියක් ජිවිතක්ෂයට. සැක සහිත මරණයක්

2133

ඉන්දීය කන්නඩ සිනමා සහ රූපවාහිනී නිළි ශෝභිතා ශිවන්නා ඇගේ මහල් නිවාසයේ මියගොස් සිටියදී සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පොලිසිය පවසන්නේ, ඇය ගචිබෝලි පොලිස් ස්ථාන බල ප්‍රදේශයට අයත් කොන්ඩාපූර් හි පිහිටි සිය නිවසේදී ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතර, ඇයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගාන්ධි රෝහල වෙත යවා ඇති බව පොලිසිය පවසනවා.

ඇයගේ ඛේදජනක මරණය පිටුපස ඇති නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, බලධාරීන් මේ වන විට විමර්ශන සිදු කරයි.

 

Eradondla Mooru, ATM: Attempt to Murder, Ondh Kathe Hella, Jackpot, සහ Vandana ඇතුළු ජනප්‍රිය චිත්‍රපට කිහිපයකම ශෝභිතා රංගනයෙන් දායක වී තිබෙනවා.

එමෙන්ම ඇය Gaalipata, Mangala Gowri, Kogile, Brahmagantu, Krishna Rukmini වැනි රූපවාහිනී කතාමාලාවල ද නිත්‍ය චරිතයක් වූ බවටයි මාධ්‍ය වාර්තා කරන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *