BREAKING NEWS
Search

ඉන්ධන මිල සංශෝධනය ගැන දැන් ලැබුණ ආරංචිය මෙන්න..

3449
ඉන්ධන මිල සූත්‍රය අනුව මාසිකව සිදුවන මිල සංශෝධනයෙන් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුව තිබෙනවා.

92 පෙට්‍රල් ලීටරයක රුපියල් 311ක්ව පැවති මිල රුපියල් 2 කින් පහළ දමා ඇති අතර එහි නව මිල 309.00ක් වෙනවා.

රුපියල් 283ක්ව පැවති, ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් ඉහළ දමා තිබෙන අතර, එහි නව මිල රුපියල් 286ක්.

එමෙන්ම රුපියල් 183ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 188.00ක් වෙනවා.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක සහ සුපර් ඩීසල් ලීටරයක මිල සංශෝධනය වී නොමැති අතර, ඒ අනුව රුපියල් 371.00ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල එලෙසත්, රුපියල් 313.00ක්ව පැවැති සුපර් ඩීසල් ලීටරයක මිලත් එලෙසම පවතිනු ඇති.

වෙනත් පුවත්

2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අද බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

ඒ අනුව, එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, මාර්ගගත ක්‍රමයට පමණක් ආදායම් බදු වාර්තා ලබා ගන්නා බවත්, ඒ සඳහා තාක්ෂණික සහාය ලබා දීමට එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, ප්‍රාදේශීය හා නගර කාර්යාල සාමාන්‍ය රාජකාරී දිනයක් මෙන් අද දින විවෘතව පවතින බවයි.

එමෙන්ම, ආදායම් බදු ගෙවීම් සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ජාවත්ත කාර්යාල පරිශ්‍රයේ පිහිටා ඇති ලංකා බැංකු ශාඛාව ද අද දිනයේ විවෘතව තබන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *