මෙන්න ඉදිරි පැය කිහිපය තවත් පිරිසකට දැඩි අවදානම් – අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරයි

642

ඉදිරි පැය කිහිපයක කාලය තුළ වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අයත් දැදුරු ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇත.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගීන් දැදුරු ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව මෙම අනතුරු ඇඟවීම නිකුත්කර තිබේ. දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවල ඇතැම් ප්‍රදේශවලට මේ වන විට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර ඒ අනුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නඩත්තු කරනු ලබන දැදුරු ඔය ජලාශයෙන් තත්ත්පරයට ඝන අඩි 18,000 කට ආසන්න ජල ප්‍රමාණයක් මුදාහරිමින් පවතී.

 

මේ වන විට ජලාශයට ලැබෙන ජල ධාරිතාව අනූව මෙම ප්‍රමාණය අද (26) රාත්‍රියේදී තවදුරටත් වැඩිකිරීමට සිදුවිය හැකි බව සඳහන් වේ. මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ අංශවලින් ඉල්ලා ඇත්තේ මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසටය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *