දිවයිනේ මේ වනවිට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල ගැලීම් ඇතුළු ආපදා රැසක් වාර්තා වෙනවා.
ඒ හේතුවෙන් ආපදාවන්ට ලක්වූ ප්‍රදේශයන්හි මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණ දෙන අපේක්ෂකයින්ට තමන්ට අදාල විභාග මධ්‍යස්ථානය වෙත වාර්තා කිරීමේ යම් අපහසුතාවයක් පවතින්නේනම් තමන්ට ළඟම පවතින විභාග මධ්‍යස්ථානය කරා යොමුවන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.
එමෙන්ම, විකල්ප විභාග මධ්‍යස්ථාන පිහිටුවීමේ අවශ්‍යතාවයක් පවතිනේනම් ඒ සඳහාද කටයුතු සූදානම් කර ඇති බවයි අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ
වෙනත් පුවත්
කොළඹ- බදුල්ල පාර අවහිර වෙයි
පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
මේ අතර පස් කදු කඩා වැටී බදුල්ල පස්සර මාර්ගය අරවාකුඹුර ප්‍රාදේශයෙන් ද බදුල්ල ස්ප්‍රීන්වැලි මාර්ගය කදන ප්‍රදේශයෙන් ද බදුල්ල පස්සර මාර්ගය හත කනුව ප්‍රදේශයෙන් ද අවහිර වී ඇති බව එම මධ්‍යස්ථානය පැවසීය.
මාර්ග අවහිර තා ඉවත් කිරීමේදී අයහපත් කාලගුණික තත්ත්වය මත බාධා එල්ල වී ඇති බවද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.




















