බ්‍රසීලයේ ඇලගෝස් ප්‍රාන්තයේ කඳුකර මාර්ගයක ගමන් ගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබෙනවා.
අනතුර සිදු වන අවස්ථාවේ එහි 40 දෙනෙකු ගමන් කර ඇති අතර, සිද්ධියෙන් තවත් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
මිය ගිය පිරිස අතර, ගැබිණි කාන්තාවක්ද සිටින බව සදහන්.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාන්ත ආණ්ඩුකාර කාර්යාලය දින තුනක ශෝකයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
වෙනත් පුවත්
උඩරට එළවලු මිල පහළට
ඒ අනුව, කැරට්, ලීක්ස්, ඇතුලු උඩරට එළවලු වල මිල පහළගොස් ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, එළවලු අස්වනු රැගෙන එන ගොවීන් පෙන්වා දෙන්නේ, මේ හේතුවෙන් තමන්ට එළවළු විකුණා ගැනීමට නොහැකිව දැඩි අසීරුතාවයකට පත් ව ඇති බවයි.
කෙසේ වෙතත්, ඇතැම් ප්‍රදේශ වල එළවළු මිල ඉහළ මට්ටමක පවතින බවයි පාරිභෝගිකයින් ප්‍රකාශ කළේ.
මේ අතර, වෙළදපොලේ බිත්තර මිල යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය දිනවල රුපියල් 35ක මිලකට අලෙවි වූ බිත්තර මේ වන විට වෙළදපොලේ විවිධ මිල ගණන් යටතේ අලෙවි වන බවයි අනාවරණය වුණේ.

















