පාසල් සිසුවියක් ඊයේ (24) වික්ටෝරියා ජලාශයට පැන සිය දිවි හානි කරගෙන තිබෙනවා.
අදාළ සිසුවිය තවත් මිතුරියක් සමග ඊයේ (23) දහවල් එම ජලාශයට පැන ඇති අතර ඉන් එක් අයෙක් දිවි බේරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
දියේ ගිලී අතුරුදන් වූ අනෙක් සිසුවියගේ මළසිරුර ඊයේ පස්වරුවේ සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 17ක් වන තෙල්දෙණිය, පූඩලුඋයන ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවියක්.
මෙම සිසුවියන් දෙදෙනා අත් අල්ලාගෙන ජලාශයට පැන ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
කෙසේ වෙතත් මින් දිවි බේරාගත් සිසුවිය මේ වනවිට දැඩි කම්පන තත්ත්වයකට පත්ව තෙල්දෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.


















