BREAKING NEWS
Search

ගිහිං මාසයයි. පෙරුම් පුරා ස්විස්ටර්ලන්තයට ගිය තරුණයාට අත් වූ ඉරණම ඇසෙන දුක්බර කතාව

1033
ඔහු මේ ගමන ගිහින් තවම ඒ තරම් කාලයක් ගත වුණේ නැහැ.. ඒ විතරක් නෙවෙයි මේ තරුණයාගේ මව්පි‍යන් පවා ඔහු ගැන මොනතරම් නම් හීන දකින්න ඇතිද..?
ඒත් අද ඒ හැම දෙයක්ම බොඳවෙලා ගිහින්.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන දුක්බර කතාවයි..

යාපනයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකු ස්විස්ටර්ලන්තයේදී සිදු වූ රිය අනතුරකින් පෙරේදා අලුයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..

එස්.කේසවන් නැමති මෙම තරුණයා රැකියාවක් සදහා ස්විස්ටර්ලන්තයට ගොස් සිටියදී රැකියාව හමාර කොට ඔහුගේ නේවාසිකාගාරය වෙත පැමිණෙමින් සිටියදී එම මාර්ගයේ ගමන් කළ ට්‍රක් රථ දෙකක් තවත් වාහනයක ගැටීමෙන් සිදු වූ අනතුරට ඔහු මැදි වීමෙන් ඔහු සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ..

යාපනයේ උරුම්පිරායි ප්‍රදේශයේ පදිංචි මොහු මීට වසරකට පමණ පෙර ස්ව්ස්ටර්ලන්තයට ගොස් ඇති අතර එහි වලයිස් (Valais ) ප්‍රදේශයේ දී මෙම අනතුරට ලක්ව තිබෙනවා..

වලයිස් ( Valais ) ප්‍රාන්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්හකර තිබෙනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *