අශේන්ට කරදරයක්

341

මැතිවරණ කොමිෂන් සභාව සහ එහි ඇතැමි නිලධාරීන් දූෂිත බවට ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‘බික’ අවන්හල් ජාලයේ හිමිකරු බව කියන අශේන් සේනාරත්නට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙරේදා (12දා) පෙනී සිටින ලෙස එම දෙපාර්තමේන්තුව අශේන් සේනාරත්නට දැනුම් දී තිබුණ ද එදින පැමිණ සිටියේ නැත.

ප්‍රකාශ ලබාදීමට වෙනත් දිනයක් ලබා දෙන ලෙස අශේන් සේනාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇත.

මහ මැතිවරණයට ඔහු ස්වාධීන කණ්ඩායමකින් ලබාදුන් නාමයෝජනා මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අශේන් සේනාරත්න එම කොමිසම සහ නිලධාරීන් සමාජජාලා වෙබ් අඩවි ඔස්සේ දැඩි විවේචනයට ලක්කර තිබිණ.

හේමන්ත රන්දුණු




Leave a Reply

Your email address will not be published. Required fields are marked *