BREAKING NEWS
Search

තරුණයන් දෙදෙනෙකු නිසා වැළකුණු මහා දුම්රිය අනතුර

174

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වස්කඩුව ප්‍රදේශයේ  අද(23) රේල් පීල්ලක් පිපිරීමෙන් සිදුවීමට ගිය මහා අනතුරක් ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකුගේ දැනුවත් කිරීමෙන් වලක්වා ගත් බව වාද්දුව දුම්රිය මාර්ග අංශය සදහන් කරයි.

කළුතර දෙස සිට කොළඹ දෙසට දුම්රිය ධාවනය වන ඉහළ මාර්ගයේ සැතපුම් 25 යි දම්වැල් 20 දරණ ස්ථානයේ රේල් පීල්ල අගල් අටක පමණ කොටසක පිපිරීමක් දුටු වස්කඩුවේ තරුණයන් දෙදෙනකු ඒ බව කළුතර උතුර සහ වාද්දුව දුම්රිය ස්ථාන දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

අලුත් වැඩියාව සිදුකරන කාලය තුලදී මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ඉහළ දුම්රිය මාර්ගය පැයකට වැඩි කාලයක් වසා දැමීමටද පියවර ගෙන තිබේ.

එම තරුණයන් දෙදෙනාගේ දැනුවත් කිරීම මෙන්ම වාද්දුව දුම්රිය ස්ථානාධිපති යූ අයි පී රුද්‍රිගු මහතාගේ ක්ෂණික ක්‍රියාත්මක වීමෙන් සිදුවීමට ඉඩ තිබූ දුම්රිය අනතුරක් වැලකී ගිය බවද දුම්රිය  ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *