සිය විවාහ මංගල උත්සවයට මෙරටට පැමිණ නැවත රැකියාව සඳහා ඉතාලියට ගිය තරුණයෙකු ඉතාලියේ දී රිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හලාවත ප්‍රදේශයේ පදිංචි අකිල ප්‍රනාන්දු නමැති තරුණයෙක්.
ඔහු වසර ගණනක සිට ඉතාලියේ සේවය කර ඇති අතර, පසුගියදා පැවති ඔහුගේ විවාහ මංගල්‍ය උත්සවය සඳහා පැමිණ නැවත එරටට ගිය පසුවයි මෙසේ අවාසනාවන්ත ඉරණමට ගොදුරුව ඇත්තේ.
විදෙස් ජාතිකයෙකු පැදවූ බව කියන මෝටර් රථයක ගැටී බරපතල තුවාල ලබා මෙසේ ඔහු මියගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ.
එසේම සිය බිරිඳගේ උපන්දිනයට ඇය පුදුම කිරීම සඳහා මෙම තරුණයා තෑගි පර්සලයක්ද මෙරටට ඒවා ඇති අතර, 17 වැනිදාට යෙදී තිබුණු උපන්දිනයදා ඇයට මෙම තෑගි පාර්සලය ලැබෙන විටද ඔහු මියගොස් ඇති බවටයි වාර්තා සඳහන් කරන්නේ.




















