BREAKING NEWS
Search

පැතුම් නිස්සංකට ආබාධයක්. එක්දින තරගාවලියට තරග කරන්න නොහැකි වෙයිද ?

152

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ආබාධයකට ලක්ව ඇති බව විස්සයි විස්ස ක්‍රිකට් නායක චරිත් අසංලක අනාවරණ කළා.

ඔහු මේ බව කියා සිටියේ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

“පැතුම් නිස්සංක ලොකු කැප කිරීමක් කළා. පොඩි ආබාධ තත්ත්වයක් තිබ්බා. නමුත් ඔහු කොයි වෙලාවකවත් කිව්වේ නැහැ. කිසිම දෙයක් අපිට කිව්වේ නැහැ ආබාධයක් තියෙනවා අමාරුයි කියලා.

අපි ඇතුළේ කතාවෙලා සමහර ෆීල්ඩිං පොශිෂන්ස් අදට විතරක් ලබා දුන්නා. එයාගේ ජොබ් එක බැට්ස්මන් කෙනෙක් විදිහට කරා කියලා.

ප්‍රශ්නය – එක්දින තරගාවලියේදී කොහොමද.? මීට වඩා දුවන්න වෙයි

එක්දින තරගාවලියට තව දවස් දෙකක් හෝ තුනක් තියෙනවා. ලොකු ආබාධ තත්ත්වයක් නැහැ කියලා හිතනවා. මම හරියටම කියන්න දන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙනවා. පැතුම් නිස්සංක ක්‍රීඩා කරයි කියලා.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *