ඇගේ වියෝවත් එක්ක සිදුවූයේ කුමක්දැයි කියා තවමත් හරිහැටි හිතාගන්න බැරි හංසනීගේ මවට කියාගත හැකි වුණේ එපමණයි..
මොකද අද ඇයට අත්වුණු ඉරණම යළි කවදා කිසිවෙකුටවත් ඇති නොවෙන්න නම් එය එසේ වීම වැදගත් නිසා.. පසුගිය 13 වැනිදා සියල්ලන්වම හඬවමින් අවසන් ගමන් ගිය ඇගේ මේ මරණය පය ලිස්සා වැටීමෙන් සිදුවූවක් බවට මේ වන විට තහවුරු වී අවසන්..
ඇය ඉතාමත් මිත්‍රශීලී තරුණියක්.. ඒ විතරක් නෙවෙයි කිසිවෙකුට නරකක් නපුරක් කරන්නෙ නැති ඇගේ වියෝව ගැන සමාජ මාධ්‍ය තුළද ඇගේ මිතුරියන් සටහන් එක්කරලා තිබුණා..

























