BREAKING NEWS
Search

මාලය කොල්ලකා පළා ගිය චූන්පාන්

818

දෙහිවල වෛද්‍ය පාර, දීපානන්ද මාවතේ තම නිවසට යමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳි රන්මාලය හා තැල්ල පුද්ගලයෙකු විසින් සොරාගෙන චූන්පාන් ත්‍රීරෝද රථයකින් පළා යන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි.

පසුගිය 11 වනදා මෙම සිදුවීමට මුහුණපා තිබුණේ 60 හැවිරිදි කාන්තාවකි.

ඇයගේ රුපියල් ලක්ෂ 2කට ආසන්න වටිනාකමකින් යුත් රන් මාලය හා තැල්ල සොරාගත් සැකකරු චූන්පාන් ත්‍රිරෝද රථයකින් පළාගොස් තිබේ.

CCTV දර්ශන ඔස්සේ පොලීසිය පසුව සිදුකළ විමර්ශනවලදී මංකොල්ලය සඳහා යොදා ගත් ත්‍රිරෝද රථය රත්මලාන ධර්මාරාම පාර බේකරියක තිබී සොයා ගැනුණු අතර සැකකරු අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 13,470ක් සමග ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *